මදුරා පුර රජ ගෙයක උපන්නේ (අන්දරේලා)
Madura Pura Raja Geyaka Upanne (Andarela)
Music: රෝහණ බැද්දගේ Lyrics: බණ්ඩාර ඇහැලියගොඩ
Font size:
මදුරා පුර රජ ගෙයක උපන්නේ නොකැරා සැප සම්පත් වළඳින්නේ පවරා අග මෙහෙසිය වී එන්නේ මෙපුරා මං ගැන කවුද නොදන්නේ… හද්දා පිටිසර පැලක උපන්නේ වේලක් ඇර වේලක් බඩගින්නේ කරදර විතරයි තනියට ඉන්නේ ඉපදුනු කරුමෙට ජීවත් වන්නේ… සත්මහලෙන් සැදි මැදුරක වාසේ අතට පයට දැසි දස්සන් බොහොසේ දුකක් ලතැවුලක් කිසි දින නෑත්තේ අපට ජීවිතේ මිහිරියි මී සේ… දොරකඩ ගහකින් පොලොස් කඩාගෙන කමතෙන් මැල්ලුම් මිටක් හොයාගෙන රසට උයා පොඩි එකත් වඩාගෙන ඉන්නව හිමි එන අයුරු බලාගෙන… මුළුතැන්ගෙයි රස මසවුලු බෝමයි නිසි කල උණු දිය ඇල් දිය නෑමයි සුවඳ කොකුම් සියොලඟ ගැල්වේමැයි අපිට දිවිය මල් උයනක් සේ මැයි… බැරි නම් හොද්දක් ඒඳාගන්ට බැරි නම් රෙද්දක් හෝදාගන්ට බැරි නම් මිදුලක් අතුගාගන්ට මොනව ඇතත් මොකටද ගෑණුන්ට…
Data
Last updated May 2026