Home/Songs/වැස්සේ තෙමෙන්නයි ආරාධනා

වැස්සේ තෙමෙන්නයි ආරාධනා

Wasse Themennai Ardhana

Font size:
වැස්සේ තෙමෙන්නයි ආරාධනා 
ඔබට නම් නොවෙයි මේ ආරාධනා 
සෙනෙහසින් පිදුවේ මතකයටයි 
මේ තරම් රිදවුම් ඇයි විරහා....
සුසුමන් පවා මගේ මතකයේ රැඳේවි..//
එක පාරක් වත් ඇවිදින් යනවදෝ..

වැස්සේ තෙමෙන්නයි.../

හැගුමන් වලින් හෝ සුසුමන් වලින් 
රැකගත්තා මා දැන් ආදරේ
ගනිනවාදෝ දුර ඉදන්
සුසුමන් වලින් ආ රිදුමන් පවා 
ඔබගේ ලයෙන් දැන් අහනවාදෝ
ඔබ වත් නොදන්නා පිළිතුර දේවි 
කෙසේ ලයෙන් මා විසිරී ගියේ...

වැස්සේ තෙමෙන්නයි...

සිහිනෙන් පවා රෑ පැතුවේ මෙමා 
ඔබගේ ලගින් ඉන්නයි සදා 
සුළඟින් පවා මා අහනවා 
සැන්ගී ගියේ ඔබේ මතකයේ කොහේ
ඔබගේ ලයෙන් දැන් අහනවාදෝ
ඔබවත් නොදන්නා පිලිතුර දේවි
කෙසේ ලයෙන් මා විසිරී ගියේ

වැස්සේ තෙමෙන්නයි....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.