Home/Songs/මුව මුක්තා ලතා පිපි හංසාංගනන්

මුව මුක්තා ලතා පිපි හංසාංගනන්

Muwa Muktha Latha Pipi

Font size:
මුව මුක්තා ලතා පිපි හංසාංගනන්
විල් නෙළුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග් ‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිලේ
මා හද ප් ‍රේමාංගනේ- රෑ නුඹ රාසෙන් ලඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරාගේ නඟන් නොනිඳා....

ආකාස ගං චන්ද් ‍ර නෞකාවේ..//
තනිවෙන්න යං පෙම් රසෝජාවේ..//
රූසිරු කල් ‍යාණියේ-මා සැනසෙන්නම් ප් ‍රියේ
තුනු ශ් ‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී....

නිසසනි සගගම පමපප නිනිසරි ග...
රිගසග රිගනිප නිසරි
නිප මධප ගමප ගරි නිනි සරිස....

හිරු එන්න පෙර රාත් ‍රි මේ සීතේ..//
හා හා ගයන් සෞම් ‍ය සංගීතේ...//
මේ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා
ඔබෙ නලළේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ...

මුව මුක්තා....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.