Home/Songs/‍හෙමින් සැ‍රේ තරු එළියක

‍හෙමින් සැ‍රේ තරු එළියක

Hemin Sare Tharu Eliyaka

Font size:
‍හෙමින් සැ‍රේ තරු එළියක කිරණ දිගේ එන්නම්
ඔබේ ළඟින් නැවතීලා ජීවි‍තේ ‍සොයන්නම් //

නිමේ තරණ නිල් ‍දෙ‍නෙ‍තේ අතුරට කිමිදෙන්නම්
හැඟුම්වලට ඉඩදීලා යහ‍නේ වැතිරෙන්නම්
ආදර‍යේ ගැඹුරු අරුත් මට වැටහෙන් නෑ
ම‍‍ගෙ තොල්පෙති ආදරයෙන් සිපගන්නවනම් //

හෙමින් සැරේ ....

අඳුර ගලාගෙන එනකොට ඔබ ළඟ දැව‍ටෙන්නම්
ඈත ‍පේන සඳ මඩලට කවි පද ගලපන්නම්
නිදිමත ඇස් පිය වෙනකන් මං හුරතල් වෙන්නම්
හිමිදිරි‍යේ ගිනි කඳුලක් තියා මැකී යන්නම් //

 හෙමින් සැරේ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.