Font size:
පායන සඳ වටකර තරුව වගෙයි මුහුණ පෙනේ දිළිසෙන තාලේ ආදර බඹර කොකිල ගමන නිසා හිත වැටුනා ඔබෙ හොඳ කාලේ තාලෙට අඩිය තියමු පම් පම් ගා ෂෝක් එකේ බැඳලා කසාදේ ඒ දැක ගැහැණු පිරිමි අපගේ දිහා රවල බලයි මගේ සුදු මැණිකේ මගේ හොඳ කාලේ සිකුරා නළලේ අද මගේ බඹරේ කැරකෙයි වැල්ලේ ස්ථිර ආලේ තව මෝරන්නේ කපුකම මාගේ සුන්වී යන්නේ අපෙ හොඳ කාලේ සිකුරා නළලේ අද අපෙ බඹරේ කැරකෙයි වැල්ලේ සෝබන ලපටි කෙහෙල් දල්ල වගේ ගේ මුල්ලේ ගැහැණු හැදෙන්නේ ඒ දුටු කපටි පිරිමි අප රවටා මහ පාරේ හිඟා යවන්නේ මේ බව නොදැන ලොවේ අපරාදේ ගැහැනිටමයි වැරදි කියන්නේ මා පැණි වරක මදුල ටිකිරි සුදෝ ඔබ නැහැනේ එහෙම කරන්නේ නැහැ පණ මාගේ ඇස් දෙක වාගේ ගෙනයමු දීගේ රන්රස වාගේ පොල්කටු මාලේ වැටුනා බෙල්ලේ ඔබ මගේ අල්ලේ මූඩිය හිල්වේ
Singers
Data
Last updated May 2026