Home/Songs/දගකාර නෙතු පුරා

දගකාර නෙතු පුරා

Dagakara Nethu Pura

Amila Nadeeshani Music: අජිත් සංජීව පෙරේරා Lyrics: හසිත හේමාල් ජයසිරි
Font size:
දගකාර නෙතු පුරා..
නොකියා කියූ කතා..
මගෙ හීන මාවතේ ඉදන්
ඇයි රැවටුවේ මේ තරම් ..
ඒ වේදනා.. ආයෙත් එපා..
තනිවී හිදින්නම් සදා..

දුටුව හැම හීන පුරා
මැවුනෙ ඔය දැස නුරා
ලෝබ හිතුනා.. හීන බොද වේවි කියා
කෝල සිනහා.. හාදු වරුසා..
ඒ හීනයේ ඔබගෙනා..
ආයෙත් පතන්නෑ නෙ මා..

සැනසෙන්න අපේ කියා
ලොවක් ගැන මැවූ රටා 
මකාදැමුවා.. හීන ලඟ දෑස තෙමා
හීන ගෙනෙනා.. ආදර කතා..
මේ ජීවිතේ කිසිම දා..
ආයෙත් පතන්නෑ නෙ මා..


Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.