Font size:
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් පතර බළැති සිරි කුන්ද විදාරණ විතර බළැති සිරිධර පංචපාලන බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්ඳේ නාඬන් දැන් එනු බෑ...... දැන් ගෙවිඳුන් මට දුන් ගරු රූපා චන්දන කුංකුමයෙන් සැදි රූපා රන්ගිර'ගින් පායයි මුළු දීපා මන්මද බැන්ඳලු සුන්දර රූපා..... චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන්..... තැන තැන අතු දිග සොඳ දළු කන්නා ඉඟි බිඟි කරමින් බැම නටවන්නා වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා..... චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන්.... අවර වෙන්න පෙර ගසට නගින්නා උදා වෙන්න පළමුව හඬලන්නා සදා පැටවු වට සාරා කන්නා ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා..... [චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් කිම්දෝ කුමලත නිරිඳුට දාවුන් ] ...//