සඟවා ගනු මැන
Sangawa Ganu Mana
Music: වික්ටර් රත්නායක Lyrics: බණ්ඩාර විජේතුංග
Font size:
(සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී - සැළී සැළී යයි)...// (මහ වන පියසෙක - අඳුරු ගුහාවෙක යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්)...// හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ ඉරිසියාවෙන් පිරැවේ මා හද සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී - සැළී සැළී යයි (සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත)...// එනමුදු ඊයේ මට පෙන්වූ රුව තව නෙත් දෙකකට හිමි විය යුතු නැත (සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී - සැළී සැළී යයි)...//