අම්මගේ මල් මල් සාරිය ඇඳලා
Ammage Mal Mal Sariya Andala
Font size:
අම්මගේ මල් මල් සාරිය ඇඳලා අක්කගේ අඩි උස සපත්තු දාලා ලොකු පොත් මිටියක් තුරුළු කරන් මම සෙල්ලම් ඉසකෝලෙට යනවා කූඹි සිසුන් හට අකුරු කියා දෙනවා කව්රුද ඊයේ පාසල් නාවේ කව්රුද මවගෙන් ලියුම් ගෙනාවේ කව්රුද ළමුනේ ඊයේ මම දුන් කවි පාඩම් කෙරුවේ සැන්දෑ අහසේ පාට ගෙනැල්ලා සිතුවම හැඩ කෙරුවේ අම්මගේ මල් මල්.... අන්න බොලේ අපෙ අක්කා දැක්කා මෙන්න බොලේ අපෙ අම්මා එනවා ළමයිනි අද ඇති පාඩම ඉවරයි පන්තිය දැන් අවසන් ආයේ දවසක පමා නොවීලා යලි එන්නට පුළුවන්