සරා සඳේ සිරියාවේ
Sara Sade Siriyaawe
Music: කසුන් කල්හාර Lyrics: මංජුල වෙඩිවර්ධන
Font size:
M සරා සඳේ සිරියාවේ නිවී දිලී මායාවේ මගේ හිතේ නුඹ ඇඳුණා... F මිළාන වූ මේ දෑසේ පිපී සැලේවී ප්‍රේමේ රැඳී ඉමී මා සදා... F සඳ පායන ගනඳුරු යාමේ ඔබෙ ආදර දෙඅදර රාවෙන් සඳ සීතේ පිනි වෑහුණා... M සඳ සාවී ඔබමද මාගේ සැතපී හිඳ සිතුවිළි යහනේ මගෙ ආදර හිත පාරනා... මිළාන වූ මේ දෑසේ.../ සරා සඳේ සිරියාවේ.../ M පියඹා එන සමනළ රෑනේ තටු දහසක මදහස වාගේ නෙතු මානේ සිත පා වුණා... F පියඹා එන සමනළ සීනේ සිරිපා වැඳ සැනහෙනු වාගේ නෙතු මානේ ඒ හිත යා වුණා... සරා සඳේ සිරියාවේ.../
Singers
Data
Last updated May 2026