නේත්‍රා රැලි හංග ගන්නට
Nethra Reli Hanga Gannata
Music: දීලුම් තේජන Lyrics: ජනිත් විතාරණගේ
Font size:
නේත්‍රා රැලි හංග ගන්නට ගැල්වූ සායම් දියර ඇත්නම් කුසේ ගින්දර නිවන බත් පත පිලුනු වී ලග තියෙනවා නම් තුනට හතරට නැමුව මගේ රුව පසුම්බියේ තනි රකිනවානම් ස්ථිරයි ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්.... පැළුනු දෙතොලග හිනා කඳුලක් හොයාගන්නට බැරි නොවෙයි නම් නාලාගිරි මත් වෙලා ඇවිදින් ඇන්ද සලකුණු පිටේ ඇත්නම් දැනුනූ නින්දා දුකම හින්දා මැරුණු බව සිවිලිම කියයි නම් ස්ථිරයි ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්.... ගල්වලේ වැඩ කරපු දවසක කැඩුනු සුලැඟිලි කොටය ඇත්නම් ඇදුම එනවට හදිස්සියකදි ගන්න පෙති ටික හම්බුනානම් මගදී අහුලපු වෙරළු සියඹලා ඉනේ පැත්තක තියෙනවා නම් ස්ථිරයි ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්....