Home/Songs/මගෙ හීනයේ

මගෙ හීනයේ

Mage Heenaye

Music: සඳරුවන් ජයසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
මගෙ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කදුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම්
උනුහුම හිත හැදුව තරම් රැව‍ටුන හැටි මා මෙතරම්
හිත හඩන තරම් ඔබ දන්නවනම් තව කදුලු දිදී රිදවන් නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයේ ...

නොමියන මල් මතක පෙතී  එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත ‍රැදුනු නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම් තව කදුලු කතා පවසන්නෑ
මේ කදුලු මගේ දැන් දුක නෑ

මගෙ හීනයේ ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.