Font size:
සබරගමුවේ වැස්ස හවස් වරුවේ ඇවිත්.... සුදු පාට පිච්ච පෙති... දොවනවා.... සීත හිමයෙන් ගලන.... සබරගමුවේ අදුර.... හැමදාමත් මගේ හිතේ තියෙනවා....// සමන් දෙවියෝ වඩින... දෑසමන් මල් සුවද.... සුළං රැල්ලක එතී හමනවා.... ලොවේ කිසියම් තැනක.... නුඹ හොඳින් ඉන්න බව.... ඒ සුවද වගේ මට දැනෙනවා....// මුවැත්තියේ නුඹ නැතත්.... නුඹේ තිත් තිත් ගවුම... මතක මිරිගුව මැදින් පෙනෙනවා.... මිරිගුවට පෙම් කරන... තවත් තනිකඩ මුවෙක්... සබරගමුවේ ගමක ඉදන්.... හඩනවා.... සබරගමුවේ ගමක තවම ඉන්නවා......//
Singers
Data
Last updated May 2026