Home/Songs/තුරුළු කරන් ඉන්නට

තුරුළු කරන් ඉන්නට

Thurulu Karan Innata

Music: නවරත්න ගමගේ Lyrics: තලවතුගොඩ චන්දවිම්ල හිමි
Font size:
තුරුළු කරන් ඉන්නට පෙර පුරුද්දට 
පුරපු නෙතට බර නැහැ දුක් කඳුළු කැට 
යශෝධරා මං අවසර වෙන් වන්න 
ආයේ දකින් නෑ අපි අපේ ඇස් වලට  
ආයේ දකින් නෑ අපි අපේ ඇස් වලට

කිඳුරිය වෙලා මතකයි මං පෙර භවක 
හඬා වැටුණු හැටි මගේ හිමි ඔබ අසල 
කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල 
නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද 
නෙතු අග නිවෙන හැටි කිවුවෙත් ඔබ නොවෙද... 

ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා 
කල් ගිය තරම් දැනිනට ඔබ මගෙ නොවෙනා 
ලොව අන්සතුයි සැප තිබුණත් සැප නොවෙනා 
කුමටද පර වූ මල් පුදසුන මත ඉඳලා 
කුමටද පර වූ මල් පුදසුන මත ඉඳලා... 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.