සතුට විලයි සැපත මලයි
Sathuta Wilai Sapatha Malai
Music: ජයතිස්ස අලහකෝන් Lyrics: නිමල් වික්‍රමසේකර
Font size:
චිත්‍රපටය: දහසක් සිතුවිලි (1968) සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි ...// පමා වුනොත් මල පරවෙයි // ඉරට යටින් හඳට යටින් // කාලය පැන යනවා // මළ ඊයෙට ඇයි අඬන්නේ මොකටද හෙට ගැන හිතන්නේ ....// කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ සිනාව ආවම කොතැනද ඉන්නේ ...// මල් කෙමියේ පැණි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ ....// සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි ...// පමා වුනොත් මල පරවෙයි // ඉරට යටින් හඳට යටින් // කාලය පැන යනවා //