Font size:
ඔබ මා හමුවුනදා දෑත් දරා.. පෙරභවයක බැදුනා - මෙන් බැදුනා.. සවනට රහසින් කීවා මට ආදරෙයි කියා.. මට ආදරෙයි කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා.../// මගෙ දෑස් දිහා... මා ඇස් පිය නොහෙලා බැලුවා.../// ඔබෙ දෑස් දිහා... සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා.. දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා.. දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ.. පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ.. කොහෙන්දෝ කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා.. සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා.. කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා.. සඳ දිය පිරේ - ඇසිපිය ඇරී.. පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ.. කොහෙන්දෝ කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා …
Singers
Data
Last updated May 2026