තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
Thanuwa Ahimi Pem
Font size:
තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ..... මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත කියා නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා....// වියළි දෙතොල් පට උණු කඳුළකින් නෙතු තෙම තෙමා තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා කියමි නෙතු සලා...කියමි නෙතු සලා කියමි නෙතු සලා... තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ.... පුරුදු සුවඳ ආවත් මා යනෙන මඟ දිගේ අන්සතු මල් නෙළන්න බෑ කවි සිතට මගේ...// හිත අඳුර අරන් ආවත් දුක හිතෙන හීනයේ කොපුල් තලා මත සුවඳයි දුන්නු හාදුවේ දුන්නු හාදුවේ...දුන්නු හාදුවේ දුන්නු හාදුවේ... තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ....
Singers
Data
Last updated May 2026