Home/Songs/ඔබ හිමි නැති බව

ඔබ හිමි නැති බව

Oba Himi Nathi Bawa

Music: ප්‍රියන්ත නාවලගේ
Font size:
ඔබ හිමි නැති බව දැන දැනමයි ආදරේ කළේ
මගේ හිත මට වඳ දෙන එකමයි වුණේ හැම වෙලේ
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම් //

සිහින බිඳෙයි කියලා රෑ එළි නොවී තියේ
අහිමි ඔයා පතලා වේදනා වැඩි වෙයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම් //

ඉවර වුනත් අඬලා මගෙ නෙතු සැහැල්ලු වෙයි
හිතට දුකයි කියලා නුඹ මා ළඟට නොඑයි
පැරදුම මම අරගන්නම් දුක තනිවම විඳගන්නම්
ඔබ සතුටින් ඉන්නව නම් //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.