Home/Songs/රණ හංස යුවළ

රණ හංස යුවළ

Rana Hansa Yuwala

Music: සරත් ද අල්විස් Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
රණ හංස යුවළ නිමල නිල් ජලාසේ - මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ - රතු රෝස මලක් ළයට ළං වුණා
පෙමින් බැඳුණු සිතින් දකිනා - ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවළ නිමල නිල් ජලාසේ

ගල්ලෙන්හි සැඟවූ කුමරී - මුදවන්න තුරඟුන් අරා
ආවාද කුමරෙක් පුරාණේ - කුමරා මගේ වෙන්නෙදෝ
ඔහු ආදරේ මා ආදරේ මුළු ජීවිතේ

සංසාර සංසාරයේහී - උන්නාලු ඔහු මා ළඟින්
දොරගුල් දමා හැංගුවත් මා - මුදවන්න බෑ පෙම් හැඟුම්
අප ප්‍රේමයේ සංග්‍රාමයෙන් ජය ගන්නවා


Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.