Font size:
රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා (විඳින වේදනා මදි මට නගයි චෝදනා උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවුලුණා...//) පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා බලා උනිමි අසරණ වී කඳුලු සඟවලා රිදී පාට කල පා.... (නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති ජාති ජාති වත් තරහක් මගේ නම් නැති...//) එදා යුධ බිමේ මතකය ඔයා දන්නැති සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි රිදී පාට කල පා....