කුරුල්ලන්ගෙ තටු සින්දොත්
Kurullonge Thatu Sindoth
Font size:
කුරුල්ලන්ගෙ තටු සින්දොත් අහස් තලේ දුර මනින්න වළාකුලක හැඩ බලන්න සුළං රොදක සුව විඳින්න ඉතින් තවත් හැකිද උන්ට මී මැසි තුඩු සිඳ දැම්මොත් මෙවුන් කොහොම රොන් අරගන්නේ මල් කෙම් අතරේ මුදු පහස ලබා මලක සුවඳ පතුරාලන්න ඉතින් තවත් හැකිද උන්ට වරල් බිඳුණු මාළුවෙකුට සයුර පතුලේ කිමිදී යන්න රළ පහර මතින් සැඩ බිඳ දමමින් ගල්පර තුල සිරි දකින්න ඉතින් තවත් හැකිද උන්ට යෞවනයට වැට බැන්දොත් ලපලු හැගුම් දළු දමන්න සුවඳ සිතුම් මල් පිපෙන්න නාඹර තුරු ඵල දරන්න අවසරයක් නැහැනේ නේද
Singers
Data
Last updated May 2026