හිත නාඹර තාලෙට වෙල් එලිවල නැටුවා
Hitha Nabara Thaleta
Font size:
හිත නාඹර තාලෙට වෙල් එලිවල නැටුවා එන හිමිදිරි සිහිලෙට සිතිවිලි කිති කැවුනා එක පාරට ආදර මල් සුවදක් දැනුණා මදහාස නගා ඈ හොරැහින් වගෙ බැලුවා හිත නාඹර තාලෙට...// පාළු අම්ඹරයේ දේදුන්නක් ඇදිලා පාට ගෑ විලසේ පාළුව සැගව ගියා පාළු අම්ඹරයේ.....// සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ හිත නාඹර තාලෙට......// පාට සමනලයන් ආදර ගී මුමුනා රෝස මකරන්දේ සුවදට ඉව කෙරුවා පාට සමනලයන්......// සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ පාළු අම්ඹරයේ කවුරුද තනි මැකුවේ හිත නාඹර තාලෙට.......//
Singers
Data
Last updated May 2026