Font size:
අබුඩාබියේ දීය දායබර ස්වාමිනී කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න අරාබියේ මොළේ නැති කාලකණ්ණින් සමඟ වැතිර හිඳ වෛරයේ ගිනි ගොඩේ පැහෙන්නෙමි මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා ඩිරාමය ඩිරාමය ගණන් කර බලන්නෙමි මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා ගමන් බල කරදාසි අරාබියෙ උන් ලඟයි අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක් කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා මා ඔබේ ප්‍රියාදර පියවතී ස්වාමිනී