කුසුම් පිපී තුරු මතේ
Kusum Pipi Thuru Mathe
Music: ජෝජ් පල්ලියවත්ත Lyrics: ජෝජ් පල්ලියවත්ත
Font size:
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//) කෝකිල කූජනය නැගේ ලියගොමු අතරේ මධුර වසන්තේ....... (කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//) (රේණු සැලේ වැලි තලේ පෙති ගිලිහී දිය වැලේ....//) ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ මධුර වසන්තේ....... (කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//) (ගම්මානය කෙළවරේ පන්සල් බිම් බෝ රුකේ.....//) සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ මධුර වසන්තේ....... (කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//) අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා මධු රස ගී ගය ගයා අමරස වින්දේ මධුර වසන්තේ....... කුසුම් පිපී තුරු මතේ.....