Font size:
මගේ චූටී දූ බලන්න මා ගිය දා මහ වැස්සක් ඇද හැලුනා ඇයි මන්දා වට පිට බැලුවත් කවුරුත් නැති හන්දා මගේ ආදරේ කිවා කැගහලා මගේ ආදරේ කිවා කෑගහලා ඇයි සුදු දෝනි නුඹ තනියෙන් ඉන්නෙ ඇයි නුඹ මා හට එන්නට නොකියන්නෙ මා මෙහි ආවත් නුඹ දුරකයි ඉන්නෙ ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නෙ ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නෙ මගේ චූටී දූ බලන්න මා ගිය දා මහ වැස්සක් ඇද හැලුනා ඇයි මන්දා වට පිට බැලුවත් කවුරුත් නැති හන්දා මගේ ආදරේ කිවා කැගහලා මගේ ආදරේ කිවා කෑගහලා මල් ගස්වල මල් පිපිලා පරවෙන්නෙ එ මල් විතරද නුඹ තනියට ඉන්නෙ නිහඩව සිටියත් ඇස් නැහැ උහුලන්නේ ඒවා මකන්නද මහ වැසි ඇද වැටුනේ ඒවා මකන්නද මහ වැසි ඇද වැටුනේ මගේ චූටී දූ බලන්න මා ගිය දා මහ වැස්සක් ඇද හැලුනා ඇයි මන්දා වට පිට බැලුවත් කවුරුත් නැති හන්දා මගේ ආදරේ කිවා කැගහලා මගේ ආදරේ කිවා කෑගහලා.
Singers
Data
Last updated May 2026