චංචල දෑසේ
Chanchala Daase
Music: රාජ් තිලයියම්පලම් Lyrics: හිමාලි ලියනගේ
Font size:
චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා.. ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා.. මල් වගේ සිනහා ගේනා මුදු හාදු වෑහේනා.. නින්දෙදි සනසාලා - හීන සාදනා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා.. නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා.. නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා.. පාට සේද සේල ගෙන ආ ඔයා.. නාවදාක හීන පාලු වී ගියා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා.. සන්සුන් නැති සිත් නම් - මගෙ ඉක්මන් වෙනවා.. ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බාස් දොඩලා.. නෑසූ ගීත සීත රෑක ගී කියා.. කෝල දෑස ලෝල වේවි මා පෙළා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා.. චංචල දෑසේ මායා.... ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ එයිදෝ පායාලා..