දෙවැට අයිනේ මල් පිපෙන්නේ
Dewata Aine Mal Pipenne
Music: භද්‍රජි මහින්ද ජයතිලක Lyrics: භද්‍රජි මහින්ද ජයතිලක
Font size:
දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි සුවඳ මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ ගෙළ දමන්නේ ආදරේ ලබන්නයි ආදරේ ලබන්නයි සිවුමැලි මල් පෙති පාට පාටින් සරසති ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නොඅසතී බට ගහේ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ බට නෙළන්නේ බටනලා හදන්නයි හදවතේ සුසුමන් හැගෙන්නේ ඒ නළා වයන්නයි බටනලාවේ ගී ඇසෙන්නේ ආදරේ කතාවයි ආදරේ කතාවයි බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින් නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන් දෙවැට අයිනේ .... සිවුමැලි මල් පෙති පාට පාටින් සරසති ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නොඅසතී
Data
Last updated May 2026