මාගෙ පුතුට මල්
Mage Puthuta Mal
Music: සිසිර සේනාරත්න Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
මාගෙ පුතුට මල් යහන සදන්නේ දෑස සිහින වැල් පාවී එන්නේ රෝස කැලේකින් හමුවූ වැන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ මාගෙ පුතුට මල් පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ අම්ම කියාලයි බහ තෝරන්නේ අම්ම කියාලයි බහ තෝරන්නේ ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ මාගෙ පුතුට මල්... මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ මල් යහනාවේ පුතු නැළවෙන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ... කවුදෝ දුන්නේ...
Singers
Data
Last updated May 2026