Home/Songs/මේ ප්‍රේම කතා

මේ ප්‍රේම කතා

Me Prema Katha

Music: එඩ්වඩ් ජයකොඩි
Font size:
මේ ප්‍රේම කතා නවතා මොහොතක් - අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම් -  හතර අතේ - පාවෙනවා සුළඟ වගේ

නැති බැරි කම ජය ගන්නට - වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු - ජීවන ගඟ පැද යන්නට

අවුල් තැවුල් පිරුණු ලොවක - අසරණ වූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු - දෙපය නඟා ඇවිදින්නට
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.