Home/Songs/අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම්

අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම්

Ahas Gawwa Dura Na Oba Langa Innawa Nam

Font size:
අහස් ගව්ව දුර නෑ ඔබ ළග ඉන්නවා නම්
සිතුල් පව්ව රළු නෑ හද පිරිමදිනවා නම්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම්

පරවෙන පැතුමට කිරි වද්දාගෙන රුහුණේ කෙත් යායෙන්
හැර යන්න වයසට වේලී බදිනවාද මහවැලි ගඟ මැද්දෙන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම්

කළු සුදු සිහිනෙට පාට පොවාගෙන හග්ගල මල්වත්තෙන්
ළඟදීම දවසක පෝරු තනාගමු ඉසුරුමුණිය පැත්තෙන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනනා නම්

අහස් ගව්ව ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.