Home/Songs/සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා

Sagara Tharanga Sudu

Font size:
සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි
නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ
ආ..දරේ ගීතයයි

මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන් සිලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයි

සිත ඉඟියකින් සැලේ ගිනියම් දිගන්තයේ
බොල් පිනි සුලං දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ..
ආ..දරේ ගීතයයි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.