Home/Songs/මං නැතිදා මේ රට ඔබටයි

මං නැතිදා මේ රට ඔබටයි

Man Nethi Da Me Rata Obatai

Font size:
මං නැතිදා මේ රට ඔබටයි 
ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි.../

රන් මෙව්ලු තුරින් පිරි පව්රු වලල්ලක් 
දූපත සරසනවා 
මල් බබර බරින් රොන්සුනු අපුරා පින් කෙතට 
සුවද දෙනවා

මං නැතිදා මේ රට ඔබටයි 
ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි.../

පාගැටෙන තැනින් තැන පලිඟු රුවන්
මිනිමුතුලැල් දීදුලනවා
අද මිලින මලක් බිම සැරුකරවා 
හෙට නව මල් පුබුදිනවා 

මං නැතිදා මේ රට ඔබටයි 
ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි...//

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.