Font size:
රජ ඉසුරු නැත නැත මිණි කිරුළු ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු පට දුහුලින් වැසු සියුමැලි සිරුරු ගොතලා මල් පෙති වසමි යස පිරු මිණි මුතු අබරණ පැලඳි මේ වරල සරසාලමි ගෙන වන සැවුලන් පිල මනමේට සෙනෙහස ඉවත දමාදෝ වනයේ වැදි රජ කෙනෙකු පතාදෝ… දිරියෙන් යුධ කල ඔබ දුටු වේලේ මොහොතින් සිත මා පිරුණයි ආලේ වනයේ නෙක බිය පහව යමින්නේ චංචල වූ සිත සැනසුම වින්ඳේ නැතිමුත් රජකම ඔබමයි පතන්නේ ඇත මට හිමගිර ඔබ සමගින්නේ… සනසයි මා සිත ඔබ කී වදනා නුදුරින් වේ මා හිම ගිරි භවනා රකුසෙකු සේ මා ගත ගොර හැඬි වේ විලස මෙසේ මුත් සිත නොම දැඩි වේ සැමියා මැරුමට මසිත නුදුන්නේ ඔහු රුදු මරුමුව වැටුනෙ විහින්නේ… මනමේ රජු ඔබ ගෙල සිඳලන්ටා කඩුව ඉල්ලූ සඳ ඔහු වලකන්ටා කල තැත දුටුවද ඔබ ගලවන්ටා සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා…//
Singers
Data
Last updated May 2026