බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණා
Bulath Hurullata
Font size:
බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණා ඔබෙ ලස්සන පින්තූරෙට උදේ හවා අපි වැන්දා මේ පුතාගෙ දිව් ය ලෝකෙ වෙන කවුරුත් නැති හන්දා මංගල දවසෙත් ඔබෙ ගුණ සිහි කර කර මං වැන්දා නැහැ ඔබ අද මගෙ ලස්සන දකින්නට මගෙ අත ගෙන පෝරුවෙ නග්ගවන්නට කල කී දේ මා මිනිසෙකු කරන්නට අප්පච්චියෙ බෑ අමතක කරන්නට අවසන් මොහොතේදි ඔබ කියු වදන් පෙල යන්තම් වත් නෑ හිතකින් ඈත් කර අම්මයි නංගියි ඇස් දෙක වගෙයි මට කවදාවත් දෙන්නෑ දුක් විදින්නට
Singers
Data
Last updated May 2026