Font size:
නා කොල අන්දම් පෙන නොවටින්නේ බෝ කොල අන්දම් පෙනය දියන්නේ පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ (සමාවෙයං නයි හාමී...//) දරමිටි බඳිනා කඹය කියාවී දරනුව හදලා වලඳ තියාවී කැබිලිති අරගන ගැරඬි නටාවී පෙනය නැතිව අපි අසරණ වේවී (පෙනේ දියං නයි හාමි...//) නා කොල අන්දම් පෙන...... ඉහින් කනින් විස වැගිරෙන ලෝකේ විසෙන් උඹේ පල නැති වග තේරේ සුර්ම්‍ය වු මේ සර්ප විමානේ හොඳින් ඉන්න අපිටත් සන්තෝසේ (පෙනේ දියං නයි හාමි...//) නා කොල අන්දම් පෙන......