Home/Songs/දෙවිවරු

දෙවිවරු

Dewiwaru - 44 Kalliya

Lyrics: ඉසි
Font size:
(මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
Hip Hop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු....//)

ඔන්චිලි චිලි චිල්ල මලේ
කවුද රජ මමයි සිංහයා කැලේ
වරෙන් කොළඹට පෙන්නන්න රඟේ
44 කල්ලියේ බලේ
දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
කන්න දුන්නු අත හපාකන්නැහැ මම
මුල අමතක කලෙත් නැහැ මම
මම, මගේ ගැන කියවන්නැහැ මම
කාටත් නෑ බය, කාටත් නෑ ණය
බොරුව ටික කලයි, ඇත්තට ජය
දුන්නා දෙවියෝ මගේ හිතට හයිය
දුක කිව්වා දුක විඳපු අය
පැණිරස කන්නයි කූඹි වටවෙන්නේ
ගරු නාම ගන්නයි උඹ පොරකන්නේ
මට වැඩක් නැහැ මම පාඩුවේ මලක් ගහගෙන Chill එකේ ඉන්නේ

මුහුදට පෙන්නන්නෙපා.....//

ඇත්ත විතරමයි නෑ බොරු හිල
වාසි හොයන් මාරු කලේ නෑ පිල
වචන වලින් අල්ලන්නේ මං නිල
සල්ලි වලින් නම් කරන්න බෑ මිල
මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
මං ගැන දන්නවා බං උඹේ කෙල්ල
සෙල්ලම් එපා nigga, වගෙයි මං හෙල්ල
අමාරු වෙයි මාව කරන්න මෙල්ල
එළ, එළ, ඊළඟ පිම්ම
ඇස් පනාපිට උස්සනවා මිම්ම
බලපන් කටින් පිටවෙන ගින්න
අකමැති උන්ට බැරිවෙයි බලන් ඉන්න
යාච්ඥා කලේ රැප් ගලනකන් වහින්න
දැන් පීනන්න බැරි උන්ට වෙයි නහින්න
හිතලා වත් නෑ මම නවතින්න
මෙන්න බෙහෙත් උඹේ උණ බහින්න
එන්නැහැ ළඟට, කට විතරයි, දෙවියෝ රඟනකොට යක්කු රවන්නේ
ඕන නෑ යකඩ, ගලන වචන වලින් මං මිනී මරන්නේ
හතරයි හතරේ මිම්මට මගේ අතින් උඹගේ වල කපන්නේ
ඇයි ඔරවන්නේ කවුද චන්ඩි, සද්ද එපා nigga, අපියි රඟන්නේ

මුහුදට පෙන්නන්නෙපා.....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.