Home/Songs/පෙම්බර කුල කුමරුනි

පෙම්බර කුල කුමරුනි

Pembara Kula Kumaruni

Music: ස්ටැන්ලි පීරිස් Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
පෙම්බර කුල කුමරුනි කුල කුමරියනී
යුග දිවි අරණට පිවිසෙන යුවති පතී
සිරි සෙත සෑදේවා
හදවත් පෑහේවා
සෙනෙහස ලියලන යුග දිවි අරණේ
සිරිකත වොරැඳේවා...

කිරි සාගරයක පුර සඳ රැස්මෙන්
සඳුන් තුරක රැඳි සමන් වැලක මෙන්
අහසට සඳ මෙන් පියුමට බිඟු මෙන්
හදවත් පෑහේවා
සිරි සෙත සෑදේවා...

පති පතිනිය වී ඔබ නව යුවළට
පින්වත් දූදරුවන් ලැබ නිදුකින්
සැප සම්පත් මැද නිරෝගි සුව ලැබ
දිගු කල් වැජඹේවා
සිරිකත වොරැඳේවා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.