Font size:
උණුසුම් වු මේ කුරිරු ලොවේ ඇයි ද මා මෙසේ තනි කෙරුවෙ.... මා ළය උණු වී හඩා වැටෙන විට ඔබ වෙනතක දැන් බලාවිදෝ.... දිවිය පුරා මා ඔබ රකිමි.... මනුදම් ගුණදම් කියාදෙමි ඔබ මගෙමයි මා ඔබෙමයි සසර පුරා... අප සිටින තුරා... ගලා හැලෙන නිල් නදිය ඔබයි දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි හිමිදිරි උදයේ සුවය ඔබයි මගේ දිවියේ හිමි කාරි ඔබයි // අදුරු වූ මේ සැහැසු ලොවේ... ඔබයි මමයි අලෝකය වේ... ආදරයට ලෝකය හඩනා විට ඔබයි මමයි වෙනතක යාදෝ... ගහ කොළ ඇළ දොළ අපේ තමයි පුංචි පැටවු රැළ අපේ තමයි මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත් රැකෙන්නේ අප රැකුණොත් පමණයි
Singers
Data
Last updated May 2026