Home/Songs/හිත මාගේ ආලවන්තයි

හිත මාගේ ආලවන්තයි

Hitha Mage Alawanthai

Music: දිනේෂ් සුබසිංහ Lyrics: තාරකා වාසමුදලිආරච්චි
Font size:
නිල් දෑසේ මදහාස මට තාම අද වාගේ මතකයි 
නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි 
පෙම් දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි 
හිමි නොවන නුඹ ගැනම 
හිත මාගේ ආලවන්තයි 

එන්න හීනෙන් වත් ඔබ එන්න 
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න 
එන්න මගෙ හීනෙම නවතින්න 
මගේ සිහිනේ 
එන්න හීනෙන් වත් ඔබ එන්න 
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න 
එන්න මගෙ හීනෙම නවතින්න 
ආදරේ
හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි

රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ 
සිහින තරු විලේ 
මගේ හිත තනි වේ 
ඔබ මගෙන් දුර ගියා 
හිත ලඟින් දුක තියා 
සිහින මායිමේ මගේ හිත තනිවේ
සිත තනි වේ

එන්න හීනෙන් වත් ඔබ එන්න 
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න 
එන්න මගෙ හීනෙම නවතින්න 
මගේ සිහිනේ 
(හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි)..//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.