මං දෝත පෑවාට
Man Dotha Paawata
Lyrics: නිලාර් N කසීම්
Font size:
මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ මල් රේනු ඉම්බාට මන් ගාව මල් නෑනේ පිපුනේ මං හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ හිස් වා තලයේ හිත පාවෙනවා හිරිමල් හීනේ උන්නත් නිබඳේ මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ කිමද නොහැඟේ නිල් ගං දිය රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ ඇයි එය දැක බිඟු කැන් නාවේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ මං තාමත් තනියෙන්ම ඉන්නේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ මං තාමත් තනියෙන්ම ඉන්නේ හිස් වූයේ ඇයි සන්තානේ මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ හිස් වා තලයේ හිත පාවෙනවා හිරිමල් හීනේ උන්නත් නිබඳේ මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ කිමද නොහැඟේ ලතැවුල් ලං ලං වූ දා කවුරුද උන්නේ සමීපේ හසරැල් මතකෙන් මැකී සිත් මානේ පාළු වී නිල් ගං දිය රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ රොන් ගන්නයි බිඟු කැන් නලියන්නේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ සන්තෝසේමයි ලංවන්නේ සන්තෝසේමයි ලංවන්නේ