Font size:
ආදරය නෙතු කඳුළු සලයි ඔබේ ලෝකෙට යන්න එන්න බැරිවේවි සිත සිර කුටියේ සුසුම් හෙලයි විරහා තාපයේ පුළිඟු දවයි ආදරයේ නෙතු කඳුළු සලයි මිරිඟු දියෙන් සා පවස නිවෙන තුරු තරු එළියක් රෑ අඳුර නිවෙන තුරු // බලා හිදි පෙර නොපෙනන ආකාසේ ඔබේ පෙමට මට වරම් නොමැති සසරේ ආදරයේ නෙතු.... වසන්තයේ මල් කැකුළු පිපෙන තුරු සුසුමන් වියැකී සිනහ නැගෙන තුරු // බලා හිඳිමි යළි පෙරදා රෑ වාගේ සිහිනයකින් හෝ වඩිනා තුරු ආයේ ආදරයේ නෙතු
Singers
Data
Last updated May 2026