Home/Songs/දුටුවමුත් මා නෙතින්

දුටුවමුත් මා නෙතින්

Dutuwamuth Ma Nethin

Music: මධුන් දිසානායක Lyrics: ශාන් දිසානායක
Font size:
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින් 
සිතුවමුත් මා සිතින් හිනැහෙමින් ඉවත බලමින්
(නෑ ඔබව දැනුණේ අද මට දැනුණ ලෙසින්.......//)
දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්....... 

ඔබ බොහෝ කල් සිටන් පැවසූවත් හිනැහුණත්
මේ හැඟුම් මට කලින් දැනුණේ නෑ අද ලෙසින්
මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන්
හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්.......

දුටුවමුත් මා නෙතින් ඇසුවත් දෙසවනින්....... 

හිනැහුණත් මා ළඟින් සිටියත් සැනසුණු ලෙසින්
ඔබ හදින් හෙලූ සුසුම් දැනෙයි මා නෙත හඬයි
මේ සියල් දේ හදේ සිර කරන් මට දැනෙනකන්
හැම වෙලේ හිනැහෙමින් වරදක් මට නොතබමින්.......

දුටුවමුත් මා නෙතින්......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.