Font size:
දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා අවිගත්තු පින්වත්තු දාගැබට විදලා උතුරින්ද දකුණින්ද නුඹ ආවේ කියලා කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා කෝවිලට ගිනි බින්ද වෙඩි උන්ඩ නසලා නිල් අහස පරවියන්ට ඉඩ හරිමු සොයලා දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා නිදිවැද්ද රජ ඔටුනු වැජබෙන්න හරිනා දෙවියන්ට පින් දෙන්ට පුළුවන්ද වැදලා
Singers
Data
Last updated May 2026