රෑණ ගිරා ජෝඩුවයි
Rana Gira Joduwayi
Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
චිත්‍රපටය: රෑන ගිරව් (1967) රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි වනන්තරේ වෙනසක් නෑ - පෙමි සිතුවිලි පෑදේ පෙමි සිතුවිලි පෑදේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ රෑණ ගිරා ජෝඩුවයි වන රේඛා මැද - සීතල හෙවණේ අත් වැල් බැඳ යන - ආදර ගමනේ හුරතල් දැනිලයි - දුක් ගිනි නිවුණේ සිනහ කුසුමි තොල් - පෙති අග පිපුනේ රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි මල් පෙති උඩ පෙම් - සෙවණැලි ඇඳිලා දිය රැළි ඒ දැක - එබිකම් කරලා කඳු මුදුනේ සිට - පහළට පැනලා විහිළු කරයි මේ ජෝඩුව දැකලා රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි වන රේඛා මැද.... රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි රෑණ ගිරා ජෝඩුවයි