Font size:
අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී එක හැලියේ බත් කන්නේ එක සෙවණේ නිදියන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී අපේ හිත් වල නෑ කෞදේ විහිලුවටයි විවාදේ අනුනට නෑ ඔරවන්නේ අවිහිංසක ලෙස ඉන්නේ // සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා අයියා මල්ලී වාගේ අයියා මල්ලී අපි සන්තෝෂෙන් ඉන්නේ ...... සිංහල රජිදෙකු පෙරදා මිතුදමේ අගය පහදා තම හිතවත්කම පෙන්වා මහ ගිනි මැලයට පැන්නා // දුක සැප දෙකේම වාසේ අදි බිතු සිතුයම් රෑසේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී අපි සන්තෝෂෙන් ඉන්නේ හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වෙන්නේ // ජීවිතේ මිහිර විදිමු ප්‍රීතියෙන් ගීත ගයමු අයියා මල්ලී වාගේ අයියා මල්ලී අපි සන්තෝෂෙන් ඉන්නනේ ...........
Singers
Data
Last updated May 2026