Home/Songs/මායාවී

මායාවී

Maayawi ( Pem Sihine 2 )

Music: ප්‍රදීප් රංගන Lyrics: ප්‍රදීප් රංගන
Font size:
මායාවී ඔබ ගියදා මං මුලාවී
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා
වියැකී මියැදී ගිය ජීවිතේ
යළි මා ජීවය ලැබුවා

ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ
මගේ හුස්මත් ඔබ යැයි සිතූ ඒ කාලේ
ජීවිතයේ ආදරයේ මොහොතේ
මා හා හැරදා යාවී

මායාවී යාවී මා හැරදා යාවී
දිවි හිමියෙන් පෙම් කෙරු පෙම්බරී
යාවී යාවී මා හැරදා යාවී
ආදරේ නොහඳුනන ඔබ යාවී

රන් මුතු මට නෑ මට නෑ
පාටසළු මට නෑ මට නෑ
මගේ ලෝකේ ඔබ පැතූ දේවල් නෑ
එනමුදු අලේ හදවත උතුරා
ගලනා තරමට පෙම් කෙරුවා මං
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා
දැන දැන මට මාවද නැති කෙරුවේ

මායාවී යාවී මා හැරදා යාවී .../

මට දුක නෑ මං තරහත් නෑ 
මගේ ලෝකේ ඔබේ සුවඳත් අද නෑ
නිදහසේ පියඹා මා දැන් යනවා
ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා
ආයෙත් ආවත් මගේ සිත කොහෙදෝ සෙව්වත්
ඒ මියැදුණු සිත යළි එන්නේ නෑ

මා යාවී යාවී ඔබ හැරදා යාවී
මා රැවටූ ඔබ හැරදා යාවී
මා යාවී යාවී ඔබ හැරදා යාවී
මා යාවී යාවී හැරදා මා යාවී//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.