රන් තාරකාවන්
Ran Tharakawan
Music: රෝහණ වීරසිංහ Lyrics: ඉවාන් සුවාරිස්
Font size:
(රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලී)...// (මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා සඳවතිය පාවී ගියා)...// පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක් මේ හැටිම නපුරුයි කියා... මේ හැටිම නපුරුයි කියා... රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලී (මා උන්නෙ දොර කවුළු හැරදා තියා ඔබෙ සුවඳ ඒ යැයි කියා)...// නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා මුළු රෑම ගෙවිලා ගියා.. මුළු රෑම ගෙවිලා ගියා.. රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලී