Home/Songs/අර ලිය

අර ලිය

Ara-Liya

Music: රංග දසනායක Lyrics: නිශාන්ත ශාන්තදේව
Font size:
හුස්මක් පිටුපස ඔබේ හුස්ම තිබුණා
කඳුළක් පිටුපස ඔබේ කඳුළ තිබුණා
සුසුමක් පිටුපස ඔබේ සුසුම් තිබුණා
හැම හුසමක් පිටුපස ඔබ සිටියා 
අර ලිය සිටියා......

අහස කොතරම් වෙහෙස වූවා 
නැගුන සඳවත තියාගන්නට
තියෙන සඳවත ආයේ ගන්නට 
බලන්නේ කව්රුන්ද අහස නුඹ දෙස
බබලනා සඳවත දෙසම මිස
කියන්නේ කව්රුදෝ අහසට
(අහස පිටුපස සිටින වග.....//)

කරදිය කොතරම් වෙහෙස වූවා
පුංචි මුතු කැට ඔප දමන්නට
ඔබ දැමූ මුතු හැඩකරන්නට
අහන්නේ කව්රුද කරදියේ නුඹ ගැන
දිලෙසෙනා මුතු ගැනම මිස
කියන්නේ කව්දෝ කරදියට
(මුතු පිටුපසින් සිටින වග.....//)

හුස්මක් පිටුපස......
(අර ලිය සිටියා......///)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.