Font size:
බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා... පියෙන් පියට මිහිකත සනහා බැලූ බැලූ නෙත් සිත් බඳවා දහම් අමාවෙන් තිලොව තෙමූ බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා...// සසර සයුරකට නෞකාවයි නිමල අමිල නෙත් සිළිලාරයි ලොවේ අනගි ගුණදම් මුහුදයි බුදු පියා මගේ භවේ අඳුර නැසු මිණි පහනයි...// හිමියනි ඔබෙ මොක් මග හමුවේ හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ තිලෝ තිලක සම්බුදු සමිඳේ මම දිවා රැයේ ගිලී නහමි මියකැන් දහරේ...//