Home/Songs/ලංකා මගේ ලංකා

ලංකා මගේ ලංකා

Lanka Mage Lanka

Font size:
ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//

සමනොළ මුදුනින් ලැබදෙන සෙවණින් 
සුවය විඳින ලංකා//
මහවැලි කැළණිය කළුද වලවේ දිය 
සිහිල කැවුනු ලංකා...//

ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//

තෙද ඇති විරුවන් හෙළ රජ දරුවන් 
ලැබූ පිනැති ලංකා//
එවැනි පුතුන් ඔබ නමට බැතින් 
හෙලූ පොහොර ගුණැති ලංකා...//

ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//

රුදු රුපුවන් මැද රටට දැයට 
වැඩ සදනු පිණිස ලංකා//
සසර පුරා නිජ බිමට මගේ 
ඔබ තුරුල පතමි ලංකා...//

ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.